Friday, February 1, 2013

2012 වර්ෂයේ අවසන් කළ බාහිර පාඨමාලාවන් හි විභාගය සම්බන්ධව

නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය මගින් පැවැත් වූ Ms Office, Graphic Design හා Hardware & Networking යන බාහිර  පාඨමාලා ලාභින්ගේ විභාගය 2013.02.25 වන පොහෝ දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.තවද ඔවුන් සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමට 2012.02.02 වන සෙනසුරාදා දින කටයුතු සලස්වා ඇත.

2012 3 වන අදියරයේ සහතික ප්‍රදානෝත්සවය

 නව නගරාධිපති ලෙස පත්වූ එච්.ඒ.සොම්දාස මහතා







2012 පරිගණක පාඨමාලාවන්ගේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පිලිබඳව

 අනුරාධපුර මහ නගර සභා, මහජන පුස්තකාලය යටේ පැවැත්වෙන නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානේ පැවැත් වූ Ms Office, Graphic design, Hardware & Networking යන පාඨමාලාවන්ේ සහතික  ප්‍රදානය 2012 ඔක්ොම්බර් මස 30 වන දින නව නගරාධිපති එච්.ෝමදාස මහතාේ ප්‍රදානයෙන් හා අනිකුත් නාගරික මන්ත්‍ර, නගරසභා නිලධාරීන් හා මහජන පුස්තකාල නිලධාරීන්ේ සහභාගිත්වයෙන්  පැවැත් වුණි.මෙදින ශිෂ්‍යත්ව ළමුන් 150 ක් ද බාහිර ළමුන් 64 ක් හභාගි වූ අතර දෙමාපියන්ද සහභාගි වූහ.මෙම ප්‍රදාෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත් විණ.



එහිදී ගත් ඡායාරූප පෙළක්........





Add caption

නව නගරාධිපති එච්.ඒ.සෝමදාස මැතිතුමා අතින් පොල්තෙල් පහන දල්වන ආකාරය.......


ජේෂ්ඨ මාධ්‍ය වේදී රත්න බී.ඒකනාය මහතා අතින් පහන්සිළු  දල්වන ආකාරය.....

 












 නගරාධිපති එච්.ඒ.සෝමදාස මහතා විසින් උත්සවය අමතමින්........





 පුස්තකාලයාධිපතිනිය මගින් උත්සවය අමතමින්........

















 

Monday, January 9, 2012

ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 3 වන අදියරය - 2012

අනුරාධපුර මහඡන පුස්තකාල නැණසල මධ්‍යස්ථානයේ දි අනුරාධපුර නගර සීමාව තුල අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සදහා දියත් කල පරිගණක ශිෂයත්ව වැඩසටහනේ 3 වන අදියරයට පා තබන වග සතුටින් දැනුම් දෙමු..එහිදී අඩු ආදායම් ලාභී දරුවන් 150 දෙනෙකු සඳහා ගරු නගරාධිපති සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 2012.01.12 වන දින පෙ.ව.10ට  ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබේ.



 

 

සහතිකපත් ප්‍රධානය 2 වන කණ්ඩායමේ ඡායා රූප කිහිපයක්.....

.











සහතිකපත් ප්‍රධානය 2 වන කණ්ඩායම


අනුරාධපුර මහජන පුස්තකාලය,නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ අඩු ආදායම් ලාභී සිසුන් සඳහා පැවැත්වූ 2 වන ශිෂ්‍යත්ව පරිගණක පාඨමාලාවේ හා බාහිර පරිගණක පාඨමාලාවන්හි සහතික පත් ප්‍රධානය 2011.11.18 වන දින 66 වන  ජනපති ජන්ම දින‍යේදී අනුරාධපුර නගරසභා පරිශ්‍රයේදී පැවැත්විණි.ඒ සඳහා සහභාගි වූ නව නගරාධිපති සෝමදාස මැතිඳුන්ටද,උප නගරාධිපති පේමසිරි හෙට්ටිආරච්චි මැතිඳුන්ටද,නාගරික කොමසාරිස් සම්පත් රෝහන මහතාටද,අනිකුත් සහභාගි වූ සියලු මන්ත්‍රීතුමන්ලටද,පුස්තකාලාධිපතිනියටද,ව්‍යාපෘති කළමනාකරු මංජුල දිලිප් මහතාටද,එහි සහභාගි වූ මහජන පුස්තකාලයේ හා නගර සභාවේ සේවක මණ්ඩලයටද,සියලුම සිසු සියුවියන්ට හා දෙමව්පියන්ට ද අපගේ ස්තූතිය පිරි නමමු........

අනුරාධපුර මහ නගර සභා අනුග්‍රහයෙන් පවත්වන ලද  නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථාන‍යේ  පැවැත්පරිගණක පුහුනු පාඨමාලාවේ  2 වන අදියරයේඅවසන්  විභාගය අනුරාධපුර මහජන පුස්තකාලයේ 2011.10.28 වන දින පැවැත්විණ.

එහිදී ගත් ඡායා රූප කිහිපයක් පහත දැක්වේ..........



 

Friday, November 18, 2011

නව පරපුරට විද්වතුන්ගෙන් ඔවදන් බිදක්...............

(හිටපු නාගරික මන්ත්‍රී වෛද්‍ය කල්දේරා මහතාගෙන දරු දැරියන්ට තොරතුරු තාක්ෂණයේ වැදගත්කම ගැන දැනුවත් කිරීමක්......)

දෙමාපියනි” දරු දැරියනි”

වර්තමාන ශ‍්‍රී ලංකාව ලෝකයේ පිබිදෙන දේශයක්” ලෝකයේ ආශ්චර්යමත් රට ලෙස
පෙළ ගැසෙන නව රජය ඒ සඳහා ප‍්‍රමුඛ ආයුධය ලෙස තොරතුරු තාක්‍ෂණ විෂය
පිලිගෙන ඇත’ අනාගත භාණ්ඩ හා සේ්වා ආර්ථිකයේ මනා පල නෙලා ගැන්මට
තොරතුරු තාක්‍ෂණ ඥාණය පිරි ශ‍්‍රම සම්පත මනා පිටු වහලකි’ අප මහ නගර
සභාවෙද ඒ කාර්යට උපරිම දායකත්වය දෙමින් ආරම්භ කල මෙම තොරතුරු
තාක්‍ෂණ පුහුණු ආයතනය හරහා රජය ඡුාත්‍යන්තරය  පිලිගන්නා ලද දක්‍ෂතා පිරිපුන්
ශ‍්‍රම බලකාය බිහිකිරීමට දායකත්වය ලබා දී ඇත’
       
    තොරතුරු තාක්‍ෂණය ඉගැනුම් කාර්යේ මනා පළපුරුදු හා සුදුසුකම් ලත්
දේශකවරු මගින් මෙහෙයවන මෙම පාඨමාලා සඳහා සහභාගි වී ඔබේ අනාගත
අභියෝග ජය ගැන්මට ශක්තිය දෛර්‍ය ලැබේවා......





(අනුරාධපුර නාගරික කොමසාරිස් තුමාගෙන්  නැණසල විද්‍යථීන් වෙත පණිවිඩයක්.......)

සම්මා සම්බුදු ගෞතම බුදුන් වහන්සේගේ නේත‍්‍ර දර්ශනයෙන් විරාජමාන වූ රජරට
අනුරාධපුරවරයේ පූජනීයත්වය ලැබූ විජය ශ‍්‍රී ජය ශ‍්‍රී මහා බෝ සමිදුන් සෙවනේ වැව්
බැඳි රාජ්‍යයේ ¥ පුතුන්ගේ දැනුම් සයුර වූ අනුරාධපුර මහජන පුස්තකාලයට අනුබද්ධිත
නැණසල තාක්ෂණික ආයතනයේ ඵලදායිතා ප‍්‍රබෝධය වෙනුවෙන් රජරට පූත‍්‍රයෙකු
වශයෙන් අදහසක් සනිටුහන් කරන්නේ හද පිරි සතුටිනි’

නාගරිකරණයේ අරුනැල්ලෙන් විකසිත වූ ශ‍්‍රී ලාංකීය ජන සමාජයක චන්ද්‍රිකා තාක්‍ෂණයේ
විශ්මිත විදුනි මැවුම් තුලින් ගැමි දිවි පෙවෙත පරිපූර්ණ වූ යුගයක ශ‍්‍රී ලංකා හා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය සමග එක්ව අනුරාධපුර මහා නගර
සභාවේ දායකත්වයෙන් මහජන පුස්තකාල  පරිශ‍්‍රයේ නැණසල තාක්ෂණික ආයතනය
ආරම්භ කිරීම අගය කල කටයුත්තකි’

නිදහස් අධ්‍යාපනයේ ආභාෂය තුලින් වත්මන් දරු දැරියනට විෂය නිර්දේශයට
පරිබාහිරව වෘත්තීමය කුසලතා ඔප්නැන්වීමෙහිලා මෙම පරිගණක දැනුම නොමිලේ
ලබාදීම මහගු පුණ්‍යකර්මයක් වන අතර අභිමානවත්වූත් පරිපූර්ණවත් වූත් සාමයේ
සිසිල තුලින් ඒකීය ශ‍්‍රී ලාංකික ජන සමාජයක් ගොඩනැගෙමින් පවතින මෙවන් පරිසරයක
නවීන විiාවේ තාක්‍ෂණය ගමට හඳුන්වා දෙමින් අන්තර්ජාල පහසුකම් තුලින් විදු
ලොවේ නව නිමවුම් ඇසුරෙන් රජරට ජනතාව මෙන්ම විශේෂයෙන් අනුරාධපර
නගරවාසී ¥ පුතුන් විශ්ව ගම්මාන සංකල්පයෙන් ජ්‍යාතන්තර තලයට පිවිසුම් ලැබු බව
මෙහිලා සඳහන් කරමි’

මෙවන් උතුම් කාර්ය සමුදායක් හමුවේ සාර්ථකත්වයේ සුභ නිමිති උදා කරදුන් මහින්ද
චින්තන සංකල්ප වැඩසටහන භක්තිපූර්වකව සිහිකරමින් මෙම උසස් තාක්ෂණික
ආයතනයේ ඉදිරි දියුණුව සැලසීම මාගේ ඒකායන උත්සහය වන අතර එම අභිලාෂයන්
ඉටු කර ගැනීම සඳහා ගන්නා වූ පරමාදර්ශි වූ උත්සහයෙදි එයට දායක වූ සහ දායක
වන සියලූ පාර්ශවයන් වෙත ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්
ලැබේවායි සඳහන් කරමින් මාගේ සුභාශිංශන ප‍්‍රණාමය මෙයින් පල කර සිටිමි’

Thursday, July 7, 2011

පරිගණක පාඨමාලා සහතික පත් ප්‍රධානය 2011

අනුරාධපුර මහඡන පුස්තකාල නැණසල මධ්‍යස්ථානයේ දි අනුරාධපුර නගර සීමාව තුල අඩු ආදායම් ලාභී පවුල්වල දරැවන් තොරතුරැ තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සදහා දියත් කල පරිගණක ශිෂයත්ව වැඩසටහනේ හා බාහිර  පරිගණක පාඨමාලා සම්පුර්ණ කල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහතික පත් ප්‍රධානය 2011/07/11 දින  පෙරවරු 10.00 අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති වෛද්‍ය කල්දේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ .  එම මොහොතට සහභාගි වීමට ඔබ සියලු දෙනාට ගෞවරවයෙන් අරාධනා කරමු.