Friday, November 18, 2011

නව පරපුරට විද්වතුන්ගෙන් ඔවදන් බිදක්...............

(හිටපු නාගරික මන්ත්‍රී වෛද්‍ය කල්දේරා මහතාගෙන දරු දැරියන්ට තොරතුරු තාක්ෂණයේ වැදගත්කම ගැන දැනුවත් කිරීමක්......)

දෙමාපියනි” දරු දැරියනි”

වර්තමාන ශ‍්‍රී ලංකාව ලෝකයේ පිබිදෙන දේශයක්” ලෝකයේ ආශ්චර්යමත් රට ලෙස
පෙළ ගැසෙන නව රජය ඒ සඳහා ප‍්‍රමුඛ ආයුධය ලෙස තොරතුරු තාක්‍ෂණ විෂය
පිලිගෙන ඇත’ අනාගත භාණ්ඩ හා සේ්වා ආර්ථිකයේ මනා පල නෙලා ගැන්මට
තොරතුරු තාක්‍ෂණ ඥාණය පිරි ශ‍්‍රම සම්පත මනා පිටු වහලකි’ අප මහ නගර
සභාවෙද ඒ කාර්යට උපරිම දායකත්වය දෙමින් ආරම්භ කල මෙම තොරතුරු
තාක්‍ෂණ පුහුණු ආයතනය හරහා රජය ඡුාත්‍යන්තරය  පිලිගන්නා ලද දක්‍ෂතා පිරිපුන්
ශ‍්‍රම බලකාය බිහිකිරීමට දායකත්වය ලබා දී ඇත’
       
    තොරතුරු තාක්‍ෂණය ඉගැනුම් කාර්යේ මනා පළපුරුදු හා සුදුසුකම් ලත්
දේශකවරු මගින් මෙහෙයවන මෙම පාඨමාලා සඳහා සහභාගි වී ඔබේ අනාගත
අභියෝග ජය ගැන්මට ශක්තිය දෛර්‍ය ලැබේවා......





(අනුරාධපුර නාගරික කොමසාරිස් තුමාගෙන්  නැණසල විද්‍යථීන් වෙත පණිවිඩයක්.......)

සම්මා සම්බුදු ගෞතම බුදුන් වහන්සේගේ නේත‍්‍ර දර්ශනයෙන් විරාජමාන වූ රජරට
අනුරාධපුරවරයේ පූජනීයත්වය ලැබූ විජය ශ‍්‍රී ජය ශ‍්‍රී මහා බෝ සමිදුන් සෙවනේ වැව්
බැඳි රාජ්‍යයේ ¥ පුතුන්ගේ දැනුම් සයුර වූ අනුරාධපුර මහජන පුස්තකාලයට අනුබද්ධිත
නැණසල තාක්ෂණික ආයතනයේ ඵලදායිතා ප‍්‍රබෝධය වෙනුවෙන් රජරට පූත‍්‍රයෙකු
වශයෙන් අදහසක් සනිටුහන් කරන්නේ හද පිරි සතුටිනි’

නාගරිකරණයේ අරුනැල්ලෙන් විකසිත වූ ශ‍්‍රී ලාංකීය ජන සමාජයක චන්ද්‍රිකා තාක්‍ෂණයේ
විශ්මිත විදුනි මැවුම් තුලින් ගැමි දිවි පෙවෙත පරිපූර්ණ වූ යුගයක ශ‍්‍රී ලංකා හා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය සමග එක්ව අනුරාධපුර මහා නගර
සභාවේ දායකත්වයෙන් මහජන පුස්තකාල  පරිශ‍්‍රයේ නැණසල තාක්ෂණික ආයතනය
ආරම්භ කිරීම අගය කල කටයුත්තකි’

නිදහස් අධ්‍යාපනයේ ආභාෂය තුලින් වත්මන් දරු දැරියනට විෂය නිර්දේශයට
පරිබාහිරව වෘත්තීමය කුසලතා ඔප්නැන්වීමෙහිලා මෙම පරිගණක දැනුම නොමිලේ
ලබාදීම මහගු පුණ්‍යකර්මයක් වන අතර අභිමානවත්වූත් පරිපූර්ණවත් වූත් සාමයේ
සිසිල තුලින් ඒකීය ශ‍්‍රී ලාංකික ජන සමාජයක් ගොඩනැගෙමින් පවතින මෙවන් පරිසරයක
නවීන විiාවේ තාක්‍ෂණය ගමට හඳුන්වා දෙමින් අන්තර්ජාල පහසුකම් තුලින් විදු
ලොවේ නව නිමවුම් ඇසුරෙන් රජරට ජනතාව මෙන්ම විශේෂයෙන් අනුරාධපර
නගරවාසී ¥ පුතුන් විශ්ව ගම්මාන සංකල්පයෙන් ජ්‍යාතන්තර තලයට පිවිසුම් ලැබු බව
මෙහිලා සඳහන් කරමි’

මෙවන් උතුම් කාර්ය සමුදායක් හමුවේ සාර්ථකත්වයේ සුභ නිමිති උදා කරදුන් මහින්ද
චින්තන සංකල්ප වැඩසටහන භක්තිපූර්වකව සිහිකරමින් මෙම උසස් තාක්ෂණික
ආයතනයේ ඉදිරි දියුණුව සැලසීම මාගේ ඒකායන උත්සහය වන අතර එම අභිලාෂයන්
ඉටු කර ගැනීම සඳහා ගන්නා වූ පරමාදර්ශි වූ උත්සහයෙදි එයට දායක වූ සහ දායක
වන සියලූ පාර්ශවයන් වෙත ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්
ලැබේවායි සඳහන් කරමින් මාගේ සුභාශිංශන ප‍්‍රණාමය මෙයින් පල කර සිටිමි’