Monday, April 4, 2011

Mc Nenasala Opening Ceramony

අනුරාධපුර නගර සභා සීමා බල ප්‍රදේශයේ වෙසෙන දිළිදු පවුල්වල දරුවන්ට තොරතුරු තාක්ෂණය නොමිලයේ  හැදෑරීම සඳහා තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක් අනුරාධපුර නගර සහාවේදී පසුගිය දා ආරම්භ කරනු ලැබීය.මෙම වැඩසටහන් යටතේ දරුවන් හැත්තෑපස් දෙනෙකුට නොමිලයේ ඉගෙන ගැනීමේ පහසුකම් සැලසී ඇත.

               මේ නිමිතිකොට පැවති උත්සවයේදී කතා කළ නගරාධිපති වෛද්‍ය කිත්සිරි කල්දේරා මහතා නගර සභාවක පරමාදර්ශය විය යුත්තේ, නාගරිකයාගෙන් එකතු කර ගන්නා විවිධ බදු මුදල්වලින් නාගරිකයාට පොදු සහන සලස්වමින් විශේෂයෙන් නගරයේ දිළිදු ජනතාවට නාගරික අයිතිවාසිකම් සපුරාලීම යැයි සඳහන් කළේය.

              "අපි කොච්චර කළත් ඒවා පත්තරවල යන්නෙ නෑ.පත්තරවලින් කරන්නෙ අපේ අඩුපාඩු සොයමින් අපි විචේචනය කිරීම විතරයි."උප නගරාධිපති සෝමදාස මහතා මෙහිදී පැවැසීය.

                මම රටට ණයයි. ජනතාවට ණයයි.මම ඉගෙන ගත්තෙ මැදවච්චිය පාසලේ.ශිෂ්‍යත්වයක් ලැබිල අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට පැමිණ උසස් අධ්‍යාපනය ලබල විශ්වවිද්‍යාලයට ගිහිං උපාධි‍ය අරගෙන මේ රස්සාව ගත්තා. මට ඉගෙනගන්න වියදම් කළේ මේ රටේ ජනතාව ඒ නිසා මම රටටත්,ජනතාවටත් ණයයි.ඒ ණය ගෙවන්න දවසට දෙගුණයක් වැඩ කරන්න ඕන. අනුරාධපුර නගර සභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා පැවසීය.

               

Sunday, April 3, 2011

MC Nenasala Opening Ceramony

පහත දැක්වෙන්නේ එහි ඡායා රූප කිහිපයක්




අනුරාධපුර නගරාධිපති වෛද්‍ය කිත්සිරි කල්දේරා මහතා අතින් නැණසල පරිගණක මධ්‍යස්ථානය විවෘත වූ ආකාරය



                    වෛද්‍ය කිත්සිරි කල්දේරා මහතා හා උප නගරාධිපති සොමදාස මහතා අතින් පහන් සිළු දැල් වූ ආකාරය




 අනුරාධපුර නාගරික කොමසාරිස් සම්පත් රෝහන ධර්මදාස මහතා හා ICT අධක්ෂ ජනක මහතා විසින් පහන් සිළු දල්වන ආකාරය



 නැණසල පරිගණක ‍තොරතුරු මධ්‍යස්ථානයේ කළමණාකාර දිලීප් මංජුල කුමාර මහතා............




 නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානයට සහභාගා වූ ශිෂ්‍යාවක්..............



  නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානයට සහභාගි වූ ශිෂ්‍යාවක්..............



අනුරාධපුර නගරාධිපති වෛද්‍ය කිත්සිරි කල්දේරා මහතා උත්සවය අමතමින්..............



  අනුරාධපුර නාගරික කොමසාරිස් සම්පත් රෝහන ධර්මදාස මහතා උත්සවය අමතමින්..........





සියල්ලෝ සංගුහය බුක්ති විදමින්.............................